පුස්තකාල සේවා මණ්ඩලය
ආයතනය පිළිබඳ මූලික තොරතුරු
උතුරු මැද පළාත තුළ විධිමත් හා යහපත් පුස්තකාල සේවාවක් ඇති කරලීමත්, එමඟින් ජන කොටස් ජන කොටස් සඳහා දැනුම හා තොරතුරු ලබාදීමට සහය දීමත් උතුරු මැද පළාතේ සංවර්ධන කටයුතු වලට තොරතුරු සේවාව ලෙස ක්‍රියාත්මක වශයෙන් සහභාගි වීම සඳහා විධිවිධාන සැලැස්වීමට යන කාර්යයන් ඉටු කර ගැනීම පිණිස 2002 අංක 04 දරණ ප්රඥ්ප්තිය, 2004 සහ 2009 වර්ෂ දෙකේදී කරන ලද සංශෝධන දෙකකට පසුව 2011 වර්ෂයේ අගෝස්තු මාසයේදී එවකට ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ ගරු බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පළමු වරට උතුරු මැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලය පිහිටුවන ලදී.
දැක්ම
උතුරු මැද පළාත තුළ යහපත් පුස්තකාල සහ තොරතුරු සේවාවක් පවත්වාගෙන යෑම.
මෙහෙවර
යහපත් පුස්තකාල සහ තොරතුරු සේවාවක් පවත්වාගෙන යාම තුළින් පොත පත කියවීමෙන් දැනුම, ආකල්ප, කුසලතා වලින් පිරිපුන් සංවේදී බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගීම.
අරමුණු
දිගුකාලීන අරමුණු
උතුරු මැද පළාතේ පාසල්, පිරිවෙන් හා මහජන පුස්තකාල නූතන තාක්ෂණ සම්පත්ද සහිතව දියුණු පුස්තකාල සේවාවක් ලබා දෙන ආයතන ලෙස ගොඩනැගීම.
කෙටිකාලීන අරමුණු
ප්‍රධාන කාර්යයන්
- උතුරු මැද පළාතේ පුස්තකාල සහ තොරතුරු සේවා කටයුතු සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම හා සම්බන්ධීකරණය
- පුස්තකාල සංවර්ධනයට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම.
- පළාතතේ පුස්තකාලයන්හි පාඨකයන් සදහා පුස්තකාල සහ තොරතුරු සේවා සැපයීම.
- පුස්තකාල සේවා ව්‍යාපෘතියකට අවශ්‍ය වන්නා වූ සාමූහික ප්‍රතිග්‍රහණය, මධ්‍යගත සැලසුම්කරණය, ඒකාබද්ධ සුචීන් සම්පාදනය, ප්‍රාදේශීය එකතූන් සංවර්ධනය කරලීම, අන්තර් පුස්තකාල පිරුළු සේවා, ජංගම පුස්තකාල සේවා, විඥාපන ජාල පිහිටුවීම සහ අදාළ අනෙකුත් කටයුතු සිදු කිරීම.
- පොත් පත්, වාර සගරා ඇතුළු මුද්‍රිත මාධ්‍ය, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සහ පරිගණක ගත තොරතුරු සේවාවන් යොදා ගනිමින් පළාත තුළ උසස් මට්ටමේ තොරතුරු සේවාවක් පවත්වාගෙන යෑම.
- පොත්පත් හා ලේඛණ උතුරු මැද පළාතට විශේෂිත වූ දුර්ලභ ලිපි ලේඛණ හා ග්රන්ථයන්හි අත්පිටපත්, පුස්කොළ පොත් ආදිය රැස් කිරීම හා සංරක්ෂණය.
- ජාතික, ජාත්‍යන්තර හා කලාපීය තොරතුරු ජාල හා සේවාව සම්බන්ධ වීම.
- පළාත් සභාව ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සදහා අවශ්‍ය තොරතුරු සහ දත්ත සැපයීම මගින් සහාය වීම.
- පුස්තකාල කාර්ය මණ්ඩලය බදවා ගැනීම හා උසස් කිරීම් පටිපාටි, විභාග පටිපාටි සකස් කිරීම.
- දැනට පවත්වාගෙන යන පුස්තකාල පිළිබද අධ්‍යයනය කිරීම තුළින් අදාළ පුස්තකාල සංවර්ධනය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- පළතේ පුස්තකාල හා තොරතුරු සේවා සංවර්ධනය සදහා සුදුසු වෙනත් පියවර ගැනීම.
ප්‍රධාන උපාය මාර්ගයන්
- පාසල් සහ මහජන පුස්තකාලයන්හි සේවය කරන කාර්ය මණ්ඩලය පුහුණු කිරීම.
- පාඨක සමාජ තරඟ සංවිධානය හා කියවීම් කඳවුරු පැවැත්වීම
- නිර්මාණ තරඟ පැවැත්වීම.
- ස්වයං නිර්මාණ දිරිගැන්වීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය
- පුස්තකාල ප්‍රමිතකරණය